පෞද්ගලික බස් රථවල වැරදි කියන්න දුරකථන අංකයක්

September 18, 2023

බස්නාහිර පළාත තුළ ධාවනය වන පෞද්ගලික බස් රථ විසින් සිදුකරනු ලබන වැරදි සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.

මෙම දුරකථන අංකය හඳුන්වාදීම බස්නාහිර මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (18) සිදුකරනලදි.

බස්නාහිර පළාත තුළ ධාවනය වන පෞද්ගලික බස් රථ විසින් සිදුකරනු ලබන වැරදි සම්බන්ධයෙන් 0112 860860 යන දුරකථන අංකය අමතා මගී ජනතාවට පැමිණිලි කිරීමේ හැකියාව පවතියි.

ඊට අමතරව 076 0450860 යන දුරකථන අංකයට ද පැමිණිලි කිරීමට මගී ජනතාවට අවස්ථාව හිමිවන බවයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කරයි.

t

o

p