ආසියානු කුසලාන අවසාන මහා තරඟය අද

September 17, 2023

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද(17) ප.ව. 3.00 ට පැවැත්වේ.

දැනට ආසියානු කුසලානයේ හිමිකාරීත්වය දරන්නේ ද ශ්‍රී ලංකා කණ්ඩායමය.

ශ්‍රී ලංකාව මේ වන විට ආසියානු කුසලානය 6 වතාවක් ජයග්‍රහනය කර ඇති අතර ඉන්දියාව 7 වතාවක් එහි ශූරයන් වී තිබේ.

16 වැනි වරට පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය සඳහා ශ්‍රී ලංකාව මෙවර සුදුසුකම් ලබා තිබෙන්නේ එකොළොස් වැනි වතාවටය.

මේ අතර ආබාධයකට ලක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණට අද අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවන්නේ නැත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ, මහීෂ් වෙනුවට සහන් ආරච්චිගේ කණ්ඩායමට කැඳවා ඇති බවය.

පකිස්ථානය සමග පැවති තරගයේදී මහීෂ් ආබාධයකට ලක්විය.

t

o

p