ජාතික විෂ නිවාරණ සතිය අදින්(11) ආරම්භ වෙයි.

September 11, 2023

මෙවර එහි තේමාව වන්නේ, “අනාරක්ෂිතව සිදුවන විෂ ශරීර ගතවීම් වළක්වා ගනිමු යන්නයි”

එම සතිය සංවිධානය කරන්නේ, කොළඹ ජාතික රෝහලේ ස්ථාපිත ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානය විසින් ය.

ශ්‍රී ලංකාවේ පසුගිය දශක දෙක තුල විෂ වීම් නිසා රෝහල් ගත වන රෝගීන් සංඛ්‍යාව වර්ධනය වන බවත් පෙන්නුම් කරයි.

මේ අතරින් නොදැනුවත්ව විෂ ශරීර ගත වන අවස්ථා රාශියක් තිබෙන බව තහවුරු වී ඇත.

නොදැනුවත්ව සිදුවන විෂ වීම් වළක්වා ගැනීම පිණිස ජනතාව දැනුවත් කිරීම සඳහා ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානය මෙවර විෂ නිවාරණ සතිය සැප්තැම්බර් 11-17 දක්වා පැවැත්වීමට කටයතු යොදා ඇත.

t

o

p