ගෙවල් කුලියට දීමට සහ ගැනීමට නව පනතක්

September 6, 2023

ගෙවල් කුලියට දීම සම්බන්ධයෙන් නව පනතක් හඳුන්වා දීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ, ගෙවල් කුලී පනත අවලංගු කිරීමට සහ පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ අරමුණින්.

ඉඩම් හිමියන්ගේ සහ කුලී නිවැසියන්ගේ අයිතිවාසිකම් සහ යුතුකම් නිශ්චය කිරීමේ අරමුණින් හඳුන්වා දෙනු ලැබ ඇති 1972 අංක 7 දරන ගෙවල් කුලී පනත සඳහා අවස්ථා කිහිපයකදී සංශෝධන සිදුකරන ලදි.

ඒ නමුදු එම පනතින් අපේක්ෂිත අරමුණු ඉටුනොවන බව පෙනී ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මේ පිළිබඳව කරුණු අධ්‍යයනය කර ඇත්තේ, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කර ඇති ගෙවල් කුලී නීතිය පිළිබඳ උපදේශක කමිටුව විසින්.

ඒ අනුව කුලී නිවැසියාගේ සහ ඉඩම් හිමියාගේ අයිතිවාසිකම් සමානව ආරක්ෂා කිරීම අරමුණු කර ගත් නව නීතියක් හඳුන්වා දීම සුදුසු බවට යෝජනා වී තිබේ.

එම යෝජනාවට සැලකිල්ලට ගෙන 1972 අංක 7 දරන ගෙවල් කුලී පනත අවලංගු කිරීම සඳහා සහ පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත නමින් නව පනතක් හඳුන්වා දීමට නියමිතයි.

t

o

p