සිවිල් ආරක්ෂක බලකාය නව්‍යකරණය කිරීමට සුදානමක්

September 6, 2023

සිවිල් ආරක්ෂක බලකාය නව්‍යකරණය කිරීම මගින් රටට වැඩදායී සේවයක් ලබාගැනීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේබව පැවසුවේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කරක සභාව ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය. මෙම අමාත්‍යාංශයීය උපදේශක කරක සභාවේ සභාපතිත්වය දරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

මෙහිදී දීර්ඝ වශයෙන් සිවිල් ආරක්ෂක බලකාය සම්බන්ධයෙන් සාකච්ඡා වීම සිදු වූ අතර අලි මිනිස් ගැටුම සමනය කිරීම සඳහා සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන්ගෙන් ඉහළ සහයක් ලැබෙන බවද පැමිණ සිටි මන්ත්‍රීවරු සඳහන් කළහ. එසේම මෙම නිලධාරීන්ට අවශ්‍ය ඉන්ධන පහසුකම් සහ අනෙකුත් පහසුකම් ලබාදීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

එසේම කැලෑ ගිනිතැබීම් විශාල වශයෙන් පසුගිය කාලසීමාව තුළ වාර්තා වූ බවත් ඒවා නැවැත්වීමට වැඩපිළිවෙළක් ආරම්භ කරන බවත් අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කළේය.

තවද කොතලාවල ආරක්ෂක පීඨය සහ රෝහල සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා විය.

t

o

p