පානය කරන ජලයට විස දමා සතුන් දඩයම් කිරීමේ ජාවාරමක්

August 17, 2023

සෙල්ලකතරගම ප්‍රදේශයට මායිම ඇති යාල රක්ෂිත ප්‍රදේශයන්හි දඩයම් කරුවන් විසින් දිය කඩිති හා වැවු ආශ්‍රිත වලවල් සාදා ඒවාට වස මිශ්‍ර කර සතුන් දඩයම් කර එම සතුන්ගේ මස් කතරගම ප්‍රදේශයන්ට පැමිණෙන පිරිස් වෙත හා විවිධ ප්‍රදේශයන් අලෙවි කරීමේ ජාවරාමක් පිළිබද වනජීවී නිලධාරින් විසින් අනාවරණයකරගෙන තිබේ.

කතරගම ඇතුළු ප්‍රදේශ රැසක මෙය ක්‍රියාත්මක වන බවට වනජීවී නිලධාරීන්ට තොරතුරු ලැබී ඇතැයි ඌව කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්ෂක උපුල් ඉන්ද්‍රජිත් මහතා සහ යාල උද්‍යානය භාර නිළධාරි මනෝජ් විද්‍යාරත්න මහතා ප්‍රකාශ කරයි.

වන සතුන් බහුලව ගැවසෙන යාල ජාතික උද්‍යානය ඇතුළු රක්ෂිත සීමාවන්හි වැව්, ජලකඩිති සිදීගොස් ඇති නිසා ජලය සොයා යන වනසතුන් ඉලක්ක කර ගනිමින් සිඳී ගිය ජල කඩිති වලට සහ කුඩා වලවල් හාරා ඉටි බෑග් තුලට ජලය පුරවා ඒවාට කෘෂි රසායනික ද්‍රව්‍ය මිශ්‍රකොට වනසතුන් මරා දඩමස් ජාවාරම සිදුකරන බවටයි තොරතුරු ලැබී ඇත්තේ.

දඩයක්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවා රාත්‍රී දෙකෙහිම වනජීවී නිලධාරීන් විශේෂ මුර සේවාවක් යොදවා ඇත.

t

o

p