කොළඹ සහ ගම්පහ ප්‍රදේශ වලට ජලය සැපයීම ගැන නිවේදනයක්

August 16, 2023

මේ දිනවල පානිය ජලය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් බොහෝ ප්‍රදේශවලින් වාර්තා වන අතර කොළඹ සහ ගම්පහ යන ප්‍රදේශවලට කිසිදු බාධාවකින් තොරව පානීය ජලය සැපයීමට හැකියාව පවතින බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අජිත් පෙරේරා සදහන් කරයි.

කැලණි ගඟේ ජල මට්ටම සම්බන්ධයේ පැවති ගැටලු නිරාකරණය කිරීම සඳහා අඹතලේ ප්‍රදේශයෙන් වැලි බැම්මක් ඉදිකර ඇති බවද සදහන් කරයි.

එම වැලි බැම්ම මඟින් අපිට එන ප්‍රධාන ප්‍රශ්න දෙක වන ගඟේ ජල මට්ටම පහළ යෑම සහ ලවණ මිශ්‍ර වූ මුහුදු ජලය පානීය ජලයට එකතු වෙන එකද පාලනය කර තිබෙන බවද පවසයි.

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අජිත් පෙරේරා තවදුරටත් සදහන් කළේ,

“ඒ වුණත් මේ පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය යටතේ පාරිභෝගිකයෝ ඉතා විශාල වශයෙන් ජලය පරිභෝජනය කරන නිසා යම් ගැටලුකාරී තත්ත්වයක් ඉදිරියේ දී එන්න පුළුවන්. ඒ නිසා ඉල්ලීමක් කරනවා පාරිභෝගිකයින්ගෙන්, අපි පිරිපහදු කරලා දෙන ජලය අත්‍යවශ්‍ය කාරණා සඳහා පමණක් භාවිත කරන්න කියලා. ජල මුලාශ්‍ර ආරක්ෂා කරගන්න ගංගා අපවිත්‍ර කිරීම හැකිතරම් දුරට අවම කරලා අපිට සහයෝගය දෙන්න.”

t

o

p