නව ගුවන් සමාගමක් කොළඹට ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට සූදානම්

August 4, 2023

එයාර් අරාබියා අබුඩාබි ගුවන් සමාගමට එක්සත් අරාබි එමීර් හි අබුඩාබි සිට ශ්‍රී ලංකාව නිශ්චිත ගුවන් ගමන් ( Schedule Flights) ක්‍රියාත්මක කිරීම සඳහා විදේශීය ගුවන් මෙහෙයුම් සහතිකය (Foreign Ar Operator Certificate – FAOC) නිකුත් කිරීමට ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය කටයුතු සිදු කරයි.

මෙම බලපත්‍රය නිකුත් කිරීමේ දී ප්‍රධාන වශයෙන් දේශීය හා විදේශිය මගින් හට ගුවන් සුරක්ෂිතතාවයට හා ආරක්ෂාවට බාධාවක් නොවන අන්දමින් කාර්යක්ෂමව ගුවන් මෙහෙයුම් පවත්වා ගෙන යාම වෙනුවෙන් එම සමාගම සතු සංවිධානාත්මක ව්‍යුහය හා වැඩ පිළිවෙල පිළිබඳව ද ඉහළ අවදානයක් යොමුකර ඇති අතර එහිදී එම ගුවන් සමාගම සතු භෞතික සම්පන්, සංවිධානාත්මක ව්‍යුහය, සුදුසුකම්ලත් අත්දැකීම් සහිත මෙන්ම නිසි පුහුණුව ලත් කාර්ය මණ්ඩලය, මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය උපාංග සහ වෙනත් සේවාවන් සැපයීමේ තාක්ෂණික හා භෞතික හැකියාව වැනි කරුණු පිළිබඳව ද දීර්ඝ වශයෙන් තක්සේරුවකට ලක්කරන්නට ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ ගුවන් ගුවන්සේවා පරික්ෂකවරුන් කටයුතු කර ඇත.

කොවිඩ් තත්වය හමුවේ යම් පසුබෑමකට ලක්වූ ගුවන් ප්‍රවාහන කර්මාන්තය, යලි සක්‍රීය කිරීම වෙනුවෙන් විදේශීය ගුවන් සමාගම් යලි දිවයිනට ගෙන්වා ගැනීමේ රජයේ වැඩපිළිවෙල යටතේ වරාය, නාවික සහ ගුවන්සේවා අමාත්‍යාංශයේ මගපෙන්වීම මත ක්‍රියාත්මක වැඩ පිළිවලෙහි එක් අදියරක් ලෙස එය අරාබියා – අබුඩාබි ගුවන් සමාගම කොළඹට ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් වීම දැක්විය හැක.

t

o

p