දේශගුණ විපර්යාස සඳහා අනුවර්තනය වීමේ ව්‍යවසායකයින් දැනුවත්කිරීමේ වැඩසටහන සාර්ථකව නිමා විය

August 3, 2023

GLX සහ USAID හි දේශගුණ විපර්යාස සඳහා අනුවර්තනය වීමේ (Climate Change Adaptation) ව්‍යාපෘතිය යටතේ සිදුකෙරුණු දේශගුණ විපර්යාස සඳහා අනුවර්තනය වීමේ Accelerator ක්‍රියාකාරකමක් යටතේ නවෝත්පාදනය, ව්‍යාපාර, දේශගුණ විපර්යාස, කෘෂිකර්මාන්තය, සහ සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් විශේෂඥයින් විසින් ව්‍යාපාර සඳහා පුහුණුව ලබාදෙන ලදී.

“අපේ ලෝකය මුහුණ දී සිටින විශාලතම අභියෝගයක් හරහා ඉතාමත් හොඳ ව්‍යාපාර අවස්ථා ද උදා කෙරෙන බව සිතීම සිත් පොළඹවනවා,” යනුවෙන් එ.ජ. තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ධූතමණ්ඩල ප්‍රධානී ඩග්ලස් සොනෙක් මහතා උත්සව අවස්ථාව අමතමින් සඳහන් කළේය. “දේශගුණ විපර්යාස මැඩලීමට මේ ව්‍යාපාර පිළිබිඹු කරන නායකත්ව ගුණාංග මගේ සිත ගත්තා.”
GLX හි ආරම්භක ප්‍රධාන විධායක නිලධාරි රන්දුලා සිල්වා මහත්මිය දේශගුණ විපර්යාස සඳහා මුහුණදීමේදී ව්‍යවසායකයින්ගේ නවෝත්පාදන යොදාගැනීමෙහි වැදගත්කම පිළිබඳව සඳහන් කළාය.
“අප කැමතිවූවත් නැතත් දේශගුණ විපර්යාස කියන්නේ සැබෑවක්,” ඇය සඳහන් කළාය. “ආහාර සුරක්ෂිතතාවයට, ජෛව විවිධත්වයට, හා ජීවනෝපායන්ට, කෙටියෙන්ම කියනවා නම් පෘථිවි තලයේ ජීවයට ඇති වඩාත්ම අත්‍යාසන්න තර්ජනය මෙයයි. මේ වැඩසටහන සැලසුම් කළේ වෙනස්කම් හමුවේ අපේ ප්‍රජාවන් සහ පරිසර පද්ධතීන් ඔරොත්තුදෙන බව සහතික කරගැනීම සඳහා දේශගුණ විපර්යාසවලට අනුහුරුවීමේ කර්තව්‍යයට ව්‍යවසායකයින් සම්බන්ධ කරගැනීම අරමුණු කරගෙනයි.”

මේ අවස්ථාවේ විදහා දැක්වූ ව්‍යාපාර දහය සහ නවෝත්පාදන පහත පරිදි විය:

• ආහාර නිෂ්පාදන කල්තබාගැනීමෙහි නියැලී සිටින ව්‍යවසායක් වන Food Things, ආහාර කල්තබාගත හැකි කාලය වැඩි කරන ඔවුන්ගේ නව වැකුම් සීලර් යන්ත්‍රය සහ සූර්ය බලයෙන් ක්‍රියා කරන ආහාර වියළන යන්ත්‍රයක් භාවිතා කිරීමට ඔවුන්ගේ සැලසුම් පැහැදිලි කළේය;
• පරිසර හිතකාමී ප්‍රවාහන ව්‍යවසායක් වන Kulumoto, බැටරි බලයෙන් ක්‍රියාත්මක වන බහු උපයෝගිතා වාහන සහ පුළුල් කිරීම සඳහා අනාගත සැලසුම් ඉදිරිපත් කළේය;
• කුඩා පරිමාන තේ ගොවීන් සුළු පිරිසක් සමගින් කාබනික තේ වගා කරන Saruketha Organics ඔවුන්ගේ නව බලශක්ති-කාර්යක්ෂම තේ වියළුම් යන්ත්‍රය හඳුන්වා දුන්නේය;
• Ceylon Green and Aqua, ඇක්වාෆොනික් තාක්ෂණය සහ ඒකාබද්ධ එළිමහන් ගොවිතැන් ක්‍රමවේද එකට එක් කර සිදුකරන නාගරික ගොවිතැන් ආකෘතිය හඳුන්වා දුන්නේය.
• Carbon Blueprint, පොහොර, සත්ව ආහාර, ආහාරමය පෝෂණ අතිරේක නිෂ්පාදනය කිරීමට වගා කරන ලද මුහුදු පැලෑටි සඳහා පුළුල් කළ අගය එකතු කිරීමේ ක්‍රියාවලියක් සමඟින් එහි නව මුහුදු පැලෑටි වගා සැලැස්ම පැහැදිලි කළේය.
• කැප්පු ඇළ (ගංගාව) සහ එහි කඩොලාන සංරක්ෂණය සඳහා කැප වූ පරිසර සංචාරක ව්‍යාපාරයක් වන (Eco Escape- Galle යනුවෙන් යළි-සන්නාමකරණය කළ) Tourmate.lk චාරිකා සඳහා පහසුකම් සැලසීමට විදුලි මෝටර් බලයෙන් ක්‍රියාත්මක වන ශුන්‍ය පාරිසරික පියසටහන් බෝට්ටුවක් සමඟින් සිය නව ව්‍යාපාරික ආකෘතිය පැහැදිලි කළේය;
• අපද්‍රව්‍ය අඩුකරගැනීමේ ක්‍රියාවලියක් ලෙස පස සකසන්නට යොදාගත හැකි තම bio-char නිපැයුම් ව්‍යාපාරය සම්බන්ධයෙන් Inova පැහැදිලි කළේය;
• දේශීය ඖෂධ, කුළුබඩු හා මල් වර්ග යොදා මිශ්‍රිත තේ නිපදවන සමාගමක් වන Therapy Ceylon තම ව්‍යාපාරය පිළිබඳව පැහැදිලි කළේය;
• අපනයන භෝග වල පැල සහ බීජ නිෂ්පාදනය කරන Iluktenne Plant Nursery, දේශගුණ විපර්යාස හා වන විනාශයේ අවදානමට ලක්ව ඇති වන ශාක සංරක්ෂණය සහතික කරමින්, තවාන් වල වන පැල බීජ පැල හඳුන්වා දීම සඳහා එහි ව්‍යාප්තිය පැහැදිලි කළේය.
• Raawana Agro Limited, දේශගුණ විපර්යාස ආශ්‍රිත බලපෑම්වලට වඩා හොඳින් අනුවර්තනයවීමට ගොවීන්ට භාවිතා කළ හැකි පොලිටනල් හරිතාගාර සහ අනෙකුත් දේශගුණ-සුහුරු තාක්ෂණයන් පිළිබඳව ග්‍රාමීය ගොවීන් දැනුවත් කිරීමේ තම ව්‍යාපාරය පැහැදිලි කළේය.

t

o

p