බස්නාහිර ඩෙංගු රෝගීන් ඉහළ යාමේ අවදානමක්

July 30, 2023

බස්නාහිර පළාතේ ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ යාමේ අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා සඳහන් කළේ, කඩින් කඩ වැසි ඇතිවීම සහ උණුසුම් කාලගුණය මදුරුවන් බෝවීමට හිතකර තත්ත්වයන් වන බවයි.

දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 52ක් තවදුරටත් අවදානම් කාණ්ඩ ලෙස නම් කර ඇතැයි නලින් ආරියරත්න මහතා සඳහන් කළේ ය.

t

o

p