ධාවනයෙන් ඉවත් කර තිබූ ශ්‍රී ලංගම බස් රථ අලුත්වැඩියා කොට නැවත ධාවනයට

July 27, 2023

රටේ පැවති ආනයන සීමා හේතුවෙන් ඇති වූ අමතර කොටස් හිඟය සහ මිලදී ගැනීමේ මූල්‍ය දුෂ්කරතා නිසා ධාවනයෙන් ඉවත් කර තිබූ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ 175ක් අලුත්වැඩියා කොට නැවත මගී ප්‍රවාහන පද්ධතියට එක් කිරීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් දැනුම් දීම ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඊට අදාළ ලිපි ලේඛන ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබීය.

වසර තුනකට අධික කාලයක් ධාවනයෙන් ඉවත් කර තිබූ බස් රථ 852 කින් බස් රථ 400ක් නැවත අළුත්වැඩියා කිරීමට ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි මහා භාණ්ඩාගාර ප්‍රතිපාදන යටතේ ඩිපෝ මට්ටමින් ව්‍යාපෘතියක් ආරම්භ කෙරිණි.

ඒ යටතේ වැඩ නිම කෙරුණු බස් රථ 175ක් මෙලෙස භාර දෙනු ලැබූ අතර මේ සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 300කට ආසන්නය. ලංකා ගමනාගමන මණ්ඩලයේ කාර්මික අංශයේ ඉංජිනේරුවරුන්ගේ සහ කාර්මික ශිල්පීන්ගේ දායකත්වයෙන් අදාළ අළුත්වැඩියා කටයුතු සිදු කර තිබේ.

t

o

p