ශ්‍රී ලංකා – නෙදර්ලන්ත අවසන් මහා තරගය අද (09) අදයි

July 9, 2023

2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර අද (09) පැවැත් වේ.

මෙම‍ තරගය, මෙරට වේලාවෙන් අද දහවල් 12යි 30ට සිම්බාබ්වේ හරාරේහිදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම, තරගාවලියේ ක්‍රීඩා කළ සියලු තරග ජය ගෙන ලකුණු සටහනේ පෙරමුණ හිමිකර ගත්තේ ය.

මේ වන විටත් මෙම කණ්ඩායම් දෙකම එළැඹෙන සැප්තැම්බර් මාසයේදී ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලබා අවසන්.

t

o

p