ශ්‍රී ලංකාව සුපර් සික්ස් වටයේ පළමු ජය ලබයි

June 30, 2023

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර අද (30) පැවැති තරගයේ ජයග්‍රහණය හිමි කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47යි පන්දු 04ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 213ක් පමණි. (දිමුත් කරුණාරත්න 33, ධනංජය ද සිල්වා 93, වනිඳු හසරංග 20, මහීෂ් තීක්‍ෂණ 28, ලොයන් වෑන් බී්‍රක් 26/3, බාස් ඩී ලිඩේ 42/3)

ලකුණු 214ක ඉලක්කය හඹාගිය නෙදර්ලන්තය පන්දුවාර 40ක් අවසානයේ කඩුළු සියල්ල දැවී ලබාගත්තේ ලකුණු 192ක් පමණි. (වෙස්ලි බැරිසි 52, බාස් ඩී ලිඩේ 41, ස්කොට් එඩ්වඩ්ස් නොදැවී 67, මහීෂ් තීක්‍ෂණ 31/3, වනිඳු හසරංග 53/2)

t

o

p