උද්ධමනය සියයට 12ක් දක්වා පහළට

June 30, 2023

ජුනි මාසයේ උද්ධමනය සියයට 12ක් දක්වා අඩු වී ඇත. මැයි මාසයේ උද්ධමනය පැවතියේ සියයට 25යි දශම 2ක් ලෙසයි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවට අනුව ජුනි මාසයේ ආහාර කාණ්ඩයේ උද්ධමනය කැපී පෙනෙන ලෙස අඩුවී තිබේ. ඒ අනුව, මැයි මාසයේ සියයට 21යි දශම 5ක් වු ආහාර කාණ්ඩයේ උද්ධමනය ජුනි මාසයේ දී සියයට 4යි දශම 1ක් දක්වා අඩු වී තිබීම කැපී පෙනෙන තත්ත්වයක්.
එහිදී සහල් වල මිල, පොල්තෙල් රතු ලූනූ , ලොකු ලූණු , වියළි මිරිස් සහ සීනි මිල ගණන් කැපී පෙනෙන ලෙස අඩු වී තිබේ. එළවළු සහ පලතුරු කාණ්ඩයේද යම් මිල අඩු වීමක් ඉකුත් ජූනි මාසයේදී වාර්තා වී ඇති බව අදාළ වාර්තාවේ සඳහන් වෙයි.

මීට අමතරව මැයි මාසයේ සියයට 27ක් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ජුනි මාසයේදී සියයට 16යි දශම 2ක් දක්වා පහත වැටී ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවේ දැක්වෙන්නේ.

t

o

p