වයඹ පළාත තුළ ගවයන් ප්‍රවාහනය තහනම් කරමින් පනවා තිබූ තාවකාලික තහනම ඉවත් කර තිබේ.
ගවයන්ට වැළඳී ඇති චර්ම ගැටිති වෛරස් රෝගය පාලනය කිරීම සඳහා මෙම තහනම පනවා තිබුණි.
(24) සිට එම තහනම ඉවත් කිරීමට පියවර ගත් බව වයඹ පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.