සිමෙන්ති, ටයිල්, යකඩ සහ වයර් මිල අඩු කරයි

June 21, 2023

රුපියල ශක්තිමත්වීම, ඉන්ධන මිල පහළ යාම, බැංකු පොලී අනුපාත අඩුවීම ඇතුළු කරුණු රැසක් සැලකිල්ලට ගනිමින් ඉදිකිරීම් අමුද්‍රව්‍යවල මිල ගණන් පහළ දැමීමට අමුද්‍රව්‍ය ආනයනය කරන සමාගම් හා නිෂ්පාදකයින් එකඟතාව පළ කරයි.

අමුද්‍රව්‍ය ආනයනකරුවන් හා නිෂ්පාදකයින් අවස්ථා කිහිපයකදී අමාත්‍යාංශයට ගෙන්වා මේ පිළිබඳ සාකච්ඡා කළ බවත් එහිදී ඉදිකිරීම් ක්ෂේත්‍රයට යොදා ගන්නා අමුද්‍රව්‍යවල මිල ගණන් පහළ දැමීමට එකගතාව පළ කළ වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශ ලේකම් ඒ.එම්.පී.එම්.බී අතපත්තු සදහන් කරයි.

දැනට ඇණහිට ඇති ඉදිකිරීම් ක්ෂේත්‍රය නැවත සක්‍රීය කිරීම සඳහා අමුද්‍රව්‍ය මිල පහළ දැමීම අතිශය වැදගත් සාධකයක් බව ඔවුන්ට පෙන්වා දුන් බවත් සිමෙන්ති, යකඩ, ටයිල්, වයර් හා විදුලි උපකරණ ආනායනකරුවන් හා නිෂ්පාදකයින් මෙම සාකච්ඡාව සදහා සහභාගි වූ බවද අමාත්‍යාංශය ලේකම්වරයා සදහන් කරයි.

ඇතැම් සමාගම් මේ වනවිට සිය අමුද්‍රව්‍ය මිල ගණන් පහළ දැමීමට කටයුතු කර ඇති බවද වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශ ලේකම් ඒ.එම්.පී.එම්.බී අතපත්තු සදහන් කරයි.

t

o

p