ශිෂ්‍යත්ව විභාගය පවත්වන දිනය මෙන්න

June 15, 2023

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 15 වනදා පවත්වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ජූනි මස 15 වනදින සිට ජුලි 06 වනදා දක්වා සිදුකරයි.

ජුලි මස 06වනදා මධ්‍යම රාත්‍රි 12 න් පසු මාර්ගගත ප්‍රවේශය වාසා තබන බවයි විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ.

අයදුම් පත් එවීම මාර්ග ගත ක්‍රමය ඔස්සේ සිදු කළ යුතු අතර අයදුම් කිරීමේ උපදෙස් පත්‍රය හා ව්‍යවස්ථාව https://onlineexams.gov.lk/eic වෙත පිවිසීමෙන් ලබාගත හැකියි.

විශේෂ අවශ්‍යතා සහිත සිසුන් විභාගයට ඉල්ලුම් කළ යුතු ආකාරය උපදෙස් පත්‍රිකාවේ සඳහන් වේ.

වැඩි විස්තර සඳහා,

දුරකථන අංක 0112 784 537 / 0112 786 616 / 0112 784 208
ක්ෂණික ඇමතුම් – 1911
ෆැක්ස් අංකය – 0112 784 422

t

o

p