විදුහල්පති සේවයේ පුරප්පාඩු 4718ක් සම්පූර්ණ කිරීමට පියවර

June 10, 2023

ජුනි මාසය අවසන් වන විට විදුහල්පති සේවයේ පුරප්පාඩු 4718ක් සම්පූර්ණ කිරීමට රජය කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

විදුහල්පති සේවය සඳහා බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණ මේ වන විට පැවැත් වෙන බවත් එම සම්මුඛ පරීක්ෂණ ජුනි 15 දින වන විට අවසන්කරන බවද අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය. පාර්ලිමේන්තුවේදී යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසීය.

නියමිත කාල වල විභාග පවත්වා බඳවා ගැනීම් නොකිරිම නිසා, මෙළෙස විදුහල්පති පුරප්පාඩු ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය. මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවැති නඩුවක් හේතුවෙන් අදාළ පත්වීම් ලබා දීමට නොහැකි වූ බවත්, එහෙත් මේ වන විට එම නඩුව සමථයකට පත් කර ඇතැයිද කීය.

ඒ අනුව එළඹෙන ජූනි මාසය අවසන් වන විට එම විදුහල්පති පුරප්පාඩු පිරවිමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා කීය.

t

o

p