ඖෂධ වර්ග 60 ක මිල අඩු කිරීමට කැබිනට් අනුමැතිය

June 7, 2023

ජුනි මස 15 වනදා සිට බලාත්මක වන පරිදි ඖෂධ වර්ග 60 ක උපරිම සිල්ලර මිල සියයට 16 කින් අඩු කිරීම සඳහා සෑම මාස 03 කට වරක් ඖෂධ මිල සමාලෝචනය කිරීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම සැලකිල්ලට ගනිමින් ඖෂධවල උපරිම සිල්ලර මිල අවස්ථා කිහිපයකදි සියයට 97 ක් දක්වා ඉහළ නැංවීමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මීට පෙර අනුමැතිය ලබා දී තිබුණි.

කෙසේවෙතත් රජය විසින් අනුගමනය කරන වත්මන් ආර්ථික ස්ථායිකරණ වැඩසටහනේ ප්‍රතිපලයක් ලෙස රුපියල ශක්තිමත් වීම හමුවේ එලෙස ඖෂධ මිල පහළ දැමීමමටයි අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත්තේ.

t

o

p