ජපන් ව්‍යාපෘති යලි ඇරඹෙයි

June 3, 2023

ජපාන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය මෙන්ම ජපන් ණය මත ක්‍රියාත්මක දැනට අත්හිටුවා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සහ නව ව්‍යාපෘති ආරම්භ කිරීම රඳා පවතින්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවල ප්‍රගතිය මත බව ජපාන තානාපති කාර්යාලය පවසයි.

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ මූල්‍ය පහසුකම් යටතේ ආරම්භ කිරීමට නියමිතව තිබූ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.2 ක සැහැල්ලු දුම්රිය පද්ධතිය නැවත ආරම්භ කිරීමට කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දීම සිදුකොට තිබේ.

පසුගියදා පැවති ජපාන සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට යෝජනා කළ බව සඳහන් වෙයි.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව අවධානය සිටින අතරතුර දැනට නවතා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කරන්නේ කෙසේද යන්න පිළිබඳව සහ නව ව්‍යාපෘති ආරම්භ කරන්නේ කෙසේද යන්න පිළිබඳව සොයා බලනු ඇතැයි ජපාන තානාපති කාර්යාලය පවසා තිබේ.

t

o

p