ඉන්ධන මිල සංශෝධනය කෙරේ; ඉන්ධන කෝටාවත් ඉහළට

June 1, 2023

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.

නව සංශෝධනයන්ට අනුව ඔක්ටෙන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් අඩු කර ඇත.

ඒ අනුව ඔක්ටෙන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 318 කි.

නව සංශෝධනයන්ට අනුව ඔක්ටෙන් 95 පෙට්‍රල් ලීටරයක් මිල ඉහළ දමා ඇත.

ඒ රුපියල් 20 කිනි.

ඒ අනුව එහි නව මිල රුපියල් 385 ක් වනු ඇති.

යතුරුපැදියක් සඳහා මෙතෙක් පැවැති ලීටර් 7ක ඉන්ධන කෝටාව ලීටර 14ක් දක්වා ඉහළ දමා ඇති බවයි.

මගී ප්‍රවාහන ත්‍රිරෝද රථයක් සඳහා මෙතෙක් පැවැති ලීටර 15ක ඉන්ධන කෝටාව ලීටර 22ක් දක්වා ඉහළ දමා ඇත.

සාමාන්‍ය ත්‍රිරෝද රථයක් සඳහා ලබාදුන් ඉන්ධන කෝටාව ඉහළ දමා ඇත්තේ, ලීටර 14ක් දක්වායි.

ලීටර 30ක්ව පැවැති මෝටර් රථ ඉන්ධන කෝටාව ලීටර 40ක් දක්වා ඉහළ දැමුණි.

වෑන් රථයක් සඳහා ලබාදුන් ඉන්ධන කෝටාව ඉහළ දමා ඇත්තේ, ලීටර 30 සිට ලීටර 40 දක්වායි.

ඊට අමතරව ලීටර 60 ක්ව පැවැති බස් රථ සඳහා ඉන්ධන කෝටාව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ලීටර් 125 දක්වා ඉහළ දැමූ බව අමාත්‍යාංශය සඳහන් කළේ ය.

ලීටර 75ක්ව පැවැති ලොරි සඳහා වන ඉන්ධන කෝටාව ලීටර 125ක් දක්වා ඉහළ දමා ඇත.

t

o

p