5 වැනි වරටත් IPL ශූරතාව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට

May 30, 2023

මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග ඉතිහාසයේ 5වැනි වරටත් ශූරයින් බවට පත්විය.

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමග පැවැති 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් අවසන් මහා තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව කඩුලු 5කින් ජය ගනිමිනි.

ලක්ෂයකට අධික ප්‍රේක්ෂක පිරිසකගේ සහභාගීත්වයෙන් අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් අවසන් මහා තරගය පැවැත්විය.

නියමිත පන්දුවාර 20 අවසානයේ ගුජරාට් ටයිටන්ස් ක්‍රීඩකයින් කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 214ක් දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැගුවේ ය.

පන්දු යැවීමේදී මතීෂ පතිරණ ලකුණු 44ට කඩුලු 2යි.

ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ජයග්‍රහණය සඳහා චෙන්නායි සුපර් කිංගස් ක්‍රීඩකයින්ට හිමි වූ ඉලක්කය ලකුණු 171කි.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම කිරුළ දිනූ අවස්ථා 5දීම කණ්ඩායමේ නායකයා ලෙස මහේන්ද්‍ර සිං දෝනි කටයුතු කිරීම විශේෂත්වයකි

අවසන් මහා තරගයේ වීරයා ලෙස චෙන්නායි සුපර් කිංග්ස් ක්‍රීඩක ඩෙවෝන් කෝන්වේ සම්මාන දිනූ අතර තරගාවලියේ වීරයා ගුජරාට් ටයිටන්ස් ශුබ්මන් ගිල්.

t

o

p