විදුහල්පතිවරුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

May 26, 2023

2022 වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රවේශපත්‍ර කඩිනමින් අපේක්ෂකයින් වෙත ලබාදෙන්නැයි විභාග දෙපාර්තමේන්තුව විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලීමක් කරයි.

කිසිදු හේතුවක් මත අදාළ අයදුම්පත් විදුහල්පතිවරුන් විසින් විභාග අපේක්ෂකයින්ට නොදී රඳවා ගැනීම සිදුනොකළ යුතු බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසුවේ.

යම් අපේක්ෂකයෙකුට ප්‍රවේශපත්‍ර නොලැබීමෙන් විභාගයට පෙනී සිටීමට නොහැකි වුවහොත් එහි සම්පූර්ණ වගකීම විදුහල්පතිවරයා විසින් භාරගත යුතු බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පවසයි.

2022 වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගය ලබන 29 වනදා සිට ආරම්භ වෙයි.

t

o

p