IPL දෙවන අවසන් පූර්ව තරගය ජයගැනීමට මුම්බායි කණ්ඩායම සමත් වෙයි

May 25, 2023

IPL තරගාවලියේ ඊයේ (24) පැවති දෙවන අවසන් පූර්ව තරගය ලකුණු 81කින් ජයගැනීමට මුම්බායි කණ්ඩායම සමත් වෙයි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 182 ක් රැස් කරන ලදි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලක්නව් කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 101ක් පමණි.

මෙම තරගය ජයගැනීමත් සමග මුම්බායි කණ්ඩායම එළඹෙන සිකුරාදා පැවැත්වෙන තුන්වන අවසන් පූර්ව තරගයේදී ගුජරාට් කන්ඩායමට එරෙහිව තරඟ වැදීමට නියමිතයි.

ඒ අනුව එළඹෙන ඉරිදා දිනයේ පැවැත්වෙන IPL තරගාවලියේ අවසන් මහා තරගයේදී චෙන්නායි කණ්ඩායමට එරෙහිව තරග වදින්නේ ඉන් ජයගන්නා කණ්ඩායමයි.

t

o

p