මාගල්කන්ද මුහුදේ සැරිසැරූ කිඹුලා අල්ලයි

May 18, 2023

සතියකට වැඩි කාලයක් මාගල්කන්ද ප්‍රදේශයේ මුහුදේ සැරි සැරූ කිඹුලා ඊයේ (17) පස්වරුවේ ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන තිබේ.

වෙරළ ආසන්නයේ ගලපර අතර රැඳී සිටියදී කිඹුලාව ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන තිබේ.

ගැට කිඹුල් විශේෂයට අයත් මෙම කිඹුලා අඩි 05ක් පමණ දිගින් යුතු බව ප්‍රදේශවාසීන් පවසයි.

මෙම කිඹුලාව හික්කඩුව වනජීවි කාර්යාලය වෙත භාරදීමට නියමිතය.

t

o

p