කර්මාන්ත ප්‍රදර්ශන සතියක් ප්‍රකාශයට පත් කෙරේ

May 16, 2023

දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය, දිරිගැන්වීම සහ නගාසිටුවීම අරමුණූ කර ගනිමින් වාර්ෂිකව කර්මාන්ත ප්‍රදර්ශන සතියක් පැවැත්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

එහි ආරම්භක පියවර මෙම වසරේ ජූනි මස 22 වනදා සිට 25 වනදා දක්වා පැවැත්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවයි අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසුවේ.

විදේශීය ආයෝජකයින් සහ කර්මාන්තකරුවන් දේශීය කර්මාන්ත සඳහා ආකර්ශනය කර ගැනීම ද එම ප්‍රදර්ශන සතිය පැවැත්වීමේ අරමුණක් වෙයි.

ඊට අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත්තේ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ විසින්.

t

o

p