ඩෙංගු මර්දන කටයුතුවලට බාධා කළහොත් නඩු

May 15, 2023

ඩෙංගු මර්දන කටයුතු සඳහා පැමිණෙන සෞඛ්‍ය නිලධාරීන්ට බාධා කළහොත් නඩු පවරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

බස්නාහිර පළාත ආවරණය වන පරිදි පැවැත්වූ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනේදී ගතවූ දින දෙක තුළ මදුරු කීටයින් බෝවන ස්ථාන 3,142 ක් හඳුනාගෙන තිබේ.

බස්නාහිර පළාත හා රථවාහන කොට්ඨාසය මගින් සිදුකරන ලද මෙම වැඩසටහනේදී පුද්ගලයින් 3,344 දෙනෙකුට අවවාද කළ බවයි එම කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

t

o

p