නිල්වලා ගඟ පිටබැද්දරින් මහා ගංවතුර මට්ටමේ

May 14, 2023

පවතින අධික වර්ෂාවත් සමඟ ගිං ගඟ ආශ්‍රිත පහත් බිම්වලට සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරි මාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

නිල්වලා සහ ගිං යන ගංඟා ද්‍රෝණිවල ඉහළ සහ මධ්‍යම දාරා ප්‍රදේශවලට ඇදහැලෙන වර්ෂාපතනය හේතුවෙන් පහත්බිම්වල වෙසෙන ජනතාව වෙත වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ගංවතුර පිළිබඳ අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, මාතර සහ දෙවිනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නිල්වලා ගඟ අවට පහත්බිම් වල වෙසෙන ජනතාව ඒ පිළිබඳ අවදානයෙන් පසුවන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

බද්දේගම, නියාගම, නෙළුව, තවලම සහ නාගොඩ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට අයත් ගිං ගඟ නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට එම ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක ජලගැලීම් තත්ත්වයන් වාර්තා වී තිබේ.

අකුරැස්ස, තවලම මාර්ගය, ඕපාත සහ තලංගල්ල යන ප්‍රදේශ ජලයෙන් යටවී ඇති අතර කොටපොළ මාතර මාර්ගය, අකුරැස්ස දෙනියාය මාර්ගයේ ද නායයෑම් හා ජලගැලීම් හේතුවෙන් අවහිර වී ඇති බව වාර්තා වෙයි.

මොරවක බස්නැවතුම්ටපොළ ඇතුළු මොරවක නගරයේ ස්ථාන කිහිපයක් ද ජලයෙන් යටවී ඇත.

t

o

p