දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට එක් දින වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කරතිබේ.
දුම්රිය ස්ථාධිපතිවරුන්ගේ සංගමයේ ලේකම්, කසුන් චාමර සඳහන් කළේ, දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) තනතුරට පත් කිරීමට සම්බන්ධ ගැටළුවක් මුල්කරගනිමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් අද (10) උදෑසන දුම්රිය ගමන්වාර 5 ක් අවලංගු කිරීමට සිදු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එහි නියෝජ්‍ය සමාන්‍යාධිකාරී එම්. ජේ. ඉදිපොළගේ මහතා සඳහන් කළේ, පුත්තලම මාර්ගයේ එක් දුම්රියක්, කැලණිවැලි මාර්ගයේ දුම්රිය 2 ක්, කුරුණෑගල සිට හා මොරටුව සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය 2 ක් එලෙස අවලංගු කළ බවයි.
මේ අතර කොළඹ – බදුල්ල උඩරට මැණිකේ දුම්රියක් ද අද අවලංගු කිරීමට සිදුවන බව ඔහු ප්‍රකාශ කළේ ය.