බේකරි නිෂ්පාදනවල මිල ගණන් ගැන ගත් තීරණයක්

May 8, 2023

තිරිඟු පිටි මිල වැඩි කළද පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නොදමන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති එන්.කේ. ජයවර්ධන පැවසුවේ බේකරිවලින් 75%ට වඩා වැඩි ප්‍රමාණයක් මෙරට සමාගම් දෙකකින් තිරිඟු පිටි මිල දී ගනු ලබන බවයි.

එම සමාගම් මිල ගණන් වැඩි කළොත් පමණක් බේකරි නිෂ්පාදනවල මිල ගණන් වැඩි කරන බව සභාපතිවරයා පැවසීය.

මෙරට සමාගම් දෙකෙන් තිරිගු පිටි කිලෝවක් රුපියල් 210ක් සහ රුපියල් 215ක් වැනි මිල ගණන්වලට බේකරිවලට සපයන බවද සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

t

o

p