ප්‍රදේශ කිහිපයක පැතිරෙමින් ඇති ඩෙංගු රෝගය සම්බන්ධයෙන් ගත යුතු කඩිනම් ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂඥ වාර්තාවක් ලබා දෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී තිබේ.
අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ, ඒ සඳහා ජාතික ඩෙංගු මර්දන ඒකකය ඇතුළු විශේෂඥයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කරන්නැයි උපදෙස් දුන් බවයි.
ඩෙංගු මර්දනය සඳහා මේ වන විට ජනාධිපති කාර්ය සාධක බලකායක් ද ස්ථාපිත කර තිබේ. සෞඛ්‍ය අංශ පවසන්නේ වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 31,098 ක් වාර්තාවීම, අවදානම් තත්ත්වයක් බවයි.
වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවන්නේ, ගම්පහ දිස්ත්‍රික්කයෙනි ඒ රෝගීන් 6,953 ක් ලෙසයි.