දිස්ත්‍රික්ක 03ට නායයෑම් අනතුරු ඇඟවීම්

May 2, 2023

බදුල්ල, කෑගල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුමුල්ල සහ පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශ, කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශය සහ මාතර දිස්ත්‍රික්කයේ කොටපොල සහ පස්ගොඩ යන ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවලට මෙම නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව නිවේදනයේ සඳහන්.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ජනතාවට දැනුම් දෙන්නේ අවදානයෙන් පසුවන ලෙසයි.

ජල උල්පත් බොරවීම අවහිර වීම හෝ නැතිවීම, ගොඩනැගිලිවල ගෙබිම හා බිත්තිවල ඇති වන පිපිරීම්, පොළොවේ ඇති වන ඉරි තැලීම් ගැඹුරට හෑරුණු පැලුම් සහ පොළොවේ ගිලා බැසීම් තත්තවයන් ගැන නිතර අවදානයෙන් පසුවන ලෙස ඔවුන් වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

t

o

p