මැයි දිනයට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

April 30, 2023

හෙට(01) දිනයේ දී පැවැත්වීමට නියමිත මැයි දින රැළි වෙනුවෙන් පොලිසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව ප්‍රකාශකළේ කොළඹ,නුගේගොඩ, හැටන් සහ මහනුවර යන ප්‍රදේශවල මෙම ආරක්ෂක වැඩපිලිවෙල ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව ඉහත ප්‍රදේශවල රථවාහන ගමනාගමනය මෙන්ම ආරක්ෂාව සඳහාද වැඩි අවධානයක් සහ විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක බවයි ඔහු ප්‍රකාශ කළේ.

එමෙන්ම කොළඹ නහරයේ පැවැත්වෙන මැයි රැළි සහ පෙළපාලි සඳහා පොලිස් නිලධාරීන් 3500ක් රාජකාරියෙහි යොදවා ඇති බවත් ඔහු පවසන ලදි.

t

o

p