ශ්‍රී ලංකා ඉනිම අත්හිටුවයි

April 28, 2023

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය ඊයේ අවසන් විය.

මෙම තරගයේ පිළිතුරු පළමු ඉනිම සදහා ශ්‍රී ලංකා පිල කඩුළු 3ක් දැවී ලකුණු 704ක් රැස්කර ගැනීමට සමත් විය.ටෙස්ට් ඉනිමක දී ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවන් සිව්දෙනාම ශතක වාර්තා කළ පළමු අවස්ථාව ද මෙය වෙයි.

නිශාන් මධුෂ්ක ලකුණු 205ක් රැස්කරගත් අතර නායක දිමුත් කරුණාරත්න ලකුණු 115ක් රැස්කර ගත්තේය. නිශාන් මධුෂ්ක මෙන්ම කුසල් මෙන්ඩිස් ද අද දිනයේ සිය මංගල ද්විත්ව ශතක වාර්තා කළේය.

ඇන්ජලෝ මැතිව්ස් සිය 15 වන ශතකය රැස්කිරීමට සමත්විය.කුසල් මෙන්ඩිස් ලකුණු 245ක් රැස්කර ගැනීමට සමත්වූ අතර ඔහුගේ ඉනිමට හයේ පහර 11ක් ඇතුළත් විය.එය ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ටෙස්ට් ඉනිමකදී එල්ලකළ වැඩිම හයේ පහර සංඛ්‍යාවයි.

දිනය නිමා වන විට දෙවැනි ඉනිම සදහා පළමුව පන්දුවට පහරදෙමින් සිටි අයර්ලන්ත පිල කඩුළු 2ක් දැවී ලකුණු 54ක් රැස්කර ගෙන සිටියේය.

අයර්ලන්ත පිල සිය පළමු ඉනිම සදහා රැස්කළ ලකුණු සංඛ්‍යාව 492කි.මේ වන විට අයර්ලන්ත පිල ශ්‍රී ලංකා පිලට වඩා ලකුණු 158ක් පසුපසින් සිටී.

t

o

p