කොළඹ තදබදයට තිත තියන්න රථ ගාල් 04ක්

April 27, 2023

කොළඹ නගරයට හා තදාසන්න නගරවලට දිනපතා පැමිණෙන වාහන නිසා ඇතිවන නාගරික තදබදය අවම කිරීමේ අරමුණින් කොළඹ නගරයේ බහු මහල් රථ ගාල් හතරක් ඉදි කෙරේ.

නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන අධිකාරිය විසින් රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ දායකත්වය ඇතිව මෙම රථ ගාල් ඉදි කරනු ලැබේ.

ඉන් රථ ගාල් දෙකක් නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදි කරනු ලබන අතර අනෙක් රථ ගාල් දෙක පෞද්ගලික අංශය විසින් ඉදි කෙරෙනු ඇත.

කොළඹ ටෙලිකොම් ආයතනය ඉදිරිපිට, පැරණි මාළු වෙළෙඳපොළ, නාරාහේන්පිට ප්‍රදේශවල මෙම රථ ගාල් ඉදි කිරීමට නියමිතය.

කොළඹ අවට වාහන ගාල් කිරීමේ පහසුකම් ප්‍රමාණවත් නොවීමත් නිසි පරිදි එය ක්‍රියාත්මක නොවීමත් හේතුවෙන් නගරයේ අධික මාර්ග තදබදයක් පවතී. ඒ හේතුවෙන් ජනතාවගේ කාලය සහ මුදල් නාස්ති වීම ප්‍රධාන ගැටලුවක් බවත් මෙවැනි නවීන තාක්ෂණයෙන් යුතු රථ ගාල් ආරම්භ කිරීම කොළඹ නගරයේ සංවර්ධනයට පිටිවහලක් බවත් ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා පැවසීය.

t

o

p