උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

April 24, 2023

උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

වයඹ, උතුර, උතුරු – මැද සහ නැගෙනහිර පළාත්වල මෙන්ම මොණරාගල, රත්නපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්වල ඇතැම් ස්ථානවලට අවධානය යොමුකළ යුතු මට්ටමේ මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් වැඩබිම් තුළ සිටින විට ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම මෙන්ම සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම වඩාත් සුදුසු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම නිවෙස්තුළ සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳ සැලකිළිමත්වන ලෙසත් වාහන තුළ කුඩා ළමයින් රඳවා නොයන ලෙසත් දැනුම් දෙයි.

එළිමහනේ අධික වෙහෙසකාරි කටයුතු සීමාකරන ලෙසත් සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇදුම් භාවිතා කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් උපදෙස් ලබා දී තිබේ.

t

o

p