අවාරයේ සිරිපා ගමන්වලට වැටබැඳෙයි

April 19, 2023

අවාරේ සිරිපා ගමන් සීමා කිරීමට අවධානය යොමුවී ඇති බව ශ්‍රීපාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් පවසයි.

රත්නපුර පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවති රැස්වීමක දී මේ සම්බන්ධයෙන් අවධානය යොමුවූ අතර, එම සාකච්ඡාවට සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, සබරගමුව නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ රත්නපුර පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු රජයේ නිලධාරීන් පිරිසක් එක්විය.

t

o

p