ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 280ක ජයක්

April 18, 2023

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් තරගය ඉනිමක සහ ලකුණු 280කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (18) සමත් විය.

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව පළමු ඉනිම සඳහා පන්දුවට පහරදීමට ගාල්ල ජාත්‍යන්තර පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 6ක් දැවී ලකුණු 591ක් රැස්කර ගෙන සිටියදි ඉනිම අත්හිටුවීමට තීරණය කළේය.

පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පැමිණි අයර්ලන්ත පිල පන්දුවාර 52යි පන්දු 3කදී සියලුදෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 143ක් පමණී.

පන්දු යැවීමේදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ප්‍රභාත් ජයසූරිය ලකුණු 52කට කඩුළු 7ක් දවා ගැනීමට සමත් විය.

විශ්ව ප්‍රනාන්දු දවාගත් කඩුළු සංඛ්‍යාව 2කි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 448ක් පිටුපසින් සිටි අයර්ලන්ත කණ්ඩායමට දෙවැනි ඉනිම සඳහා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට අවස්ථාව ලබාදුන්නේය.

ඒ අනුව දෙවැනි ඉනිම සඳහා සියලුදෙනා දැවී අයර්ලන්ත පිලට රැස්කර ගත හැකි වූයේ ලකුණු 168ක් පමණී.

මෙම තරගයේ ඉනිම දෙකේදී කඩුළු 10ක් දවාගත් ප්‍රභාත් ජයසූරියට තරගයේ වීරයා සම්මානය හිමිවිය.

මෙම තරගාවලිය තරග 1ට 0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය.

t

o

p