ඔබේ අත ටැබ්ලටයක් කරන බ්‍රේස්ලටයක්

December 16, 2014

ඔබේ අතේ සම මත ඊ මේල් කියවීම ආදිය සිදුකළ හැකි බ්‍රේස්ලටයක් නිර්මාණය කිරීමට ප‍්‍රංශ නිර්මාණකරුවන් පිරිසක් සමත්ව ඇතැයි වාර්තා වේ.

සිස්රෙට් බ්‍රේස්ලටය ලෙස හැඳින්වෙන මෙය ක‍්‍රියාකරන අයුරු පැහැදිලි කිරීම සඳහා යූටියුබ් හි පළ කළ වීඩියෝවක් 4,222,427 දෙනෙකු නරඹා තිබේ.

සිස්රෙට් වෙබ් අඩවිය පවසා ඇත්තේ මෙතෙක් මෙම උපකරණයේ මූලාදර්ශයක් නිපදවා නොමැති බවයි.

ඒ සඳහා ඔවුන් ආයෝජකයින්ගෙන් උපකාර ඉල්ලා ඇතැයි පැවසේ.

ජලය තුළද ක‍්‍රියාත්මක කළ හැකි මෙය මෙමරි කාඩයක්, වේගමානයක්, ප්‍රොසෙසරයක්, මයික්‍රෝ යූ.එස්.බී පෝටයක්, වයි-ෆයි සහ බ්ලූටූත් පහසුකම්වලින් සමන්විතය.

අත කැරකවීමෙන් මෙම සිස්රෙට් බ්‍රේස්ලටය පණගැන්වෙන අතර ස්මාට්ෆෝන් තිරය අත මත ප‍්‍රක්‍ෂේපණය කරන පිකෝ ප‍්‍රක්‍ෂේපකය හා සංවේදක 8කින් යුත් පද්ධතිය මෙහි අඩංගු සුවිශේෂී අංගය වේ.

පිකෝ ප‍්‍රක්‍ෂේපකයෙන් සම මත පතිත කරන තිරය මත ඇගිල්ල යොදවන විට සංවේදක 8න් එකක් අකර්මණ්‍ය කරන අතර එම සංඥාව බ්‍රේස්ලටයේ ඇති ප්‍රොසෙසරයට යැවේ.

කෙසේවෙතත් මෙහි මූලාදර්ශයක් මෙතෙක් නිර්මාණය කර නොමැති හෙයින් සිස්රෙට් නිෂ්පාදනය ව්‍යාජයක් විය හැකි බවට ඇතැම් විවේචකයින් සැක පහළ කරති.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p