මිල අඩු වූ Litro gas හි නව මිල

April 4, 2023

12.5Kg ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල අද(04) මධ්‍යම රාත්‍රියේ සිට රු.1,005 ක මුදලකින් අඩු කරන බව ලිට්‍රෝ ගෑස් ආයතනයෙහි සභාපති මුදිත පීරිස් පවසයි. ඒ අනුව එහි නව මිල රු.3,738 ක්.

ලිට්‍රෝ සභාපතිවරයා වැඩි දුරටත් පැවසුවේ, 5Kg ක ගෑස් සිලින්ඩරයක මිල රු.402 ක මුදලකින් අඩු වන බවයි. ඒ අනුව එහි නව මිල වන්නේ රු.1,502 ක්.

මීට සමගාමීව 2.5Kg ක ගෑස් සිලින්ඩරයක මිලද රු.183කින් අඩුවන අතර, එහි නව මිල රු.700ක් ලෙස දැක්වෙනු ඇත.

t

o

p