අත්‍යවශ්‍ය භාණ්ඩ 10 ක මිල අඩුවේ

March 24, 2023

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග 10 ක මිල ගණන් අඩු කිරීමට ලංකා සතොස පියවර ගෙන තිබෙනවා. එම භාණ්ඩ අතරට අර්තාපල් අල, හාල්මැස්සෝ, සුදු සීනි හා ලොකු ළුණු ද ඇතුලත්.

වියළි මිරිස් කිලෝ එකක් රුපියල් 1,380 දක්වා මිල අඩු කර ඇති අතර එහි මිල අඩුවීම රුපියල් 120 ක්. සුදු ළුණු කිලෝ එකක මිල රුපියල් 25 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 450 ක් වනවා.

හාල්මැස්සෝ කිලෝ ග්‍රෑම් එකක මිල ද රුපියල් 25 කින් අඩුකර තිබෙනවා. හාල්මැස්සෝ කිලෝග්‍රෑම් එකක නව මිල රුපියල් 1,100 ක්. කඩල කිලෝ එකක මිල රුපියල් 15 කින් අඩුකර ඇති අතර කඩල කිලෝවක නව මිල රුපියල් 555 ක් වනවා.

දේශීය සම්බා සහල් කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 11 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 199 ක්. ටින් මාළු ග්‍රෑම් 425 ක නව මිල රුපියල් 520 ක් වන අතර එහි මිල අඩුකිරීම රුපියල් 10 ක් වනවා.

ලොකු ළුණු හා දේශීය අර්තාපල් අල කිලෝ එකක මිල රුපියල් 10 කින් අඩුකර ඇති අතර ලොකු ළුණු කිලෝ එකක නව මිල රුපියල් 119 ක්. දේශීය අර්තාපල් අල කිලෝ එකක නව මිල රුපියල් 270 ක් වනවා.

සුදු සීනි කිලෝ එකක් දැන් අලෙවි කරන්නේ රුපියල් 210 කටයි. වටානා කිලෝ එකක් රුපියල් 298 ක් වන අතර ඒවායේ මිල අඩු කිරීම රුපියල් 7 ක්.

t

o

p