විරෝධතා ව්‍යාපාරය දැඩිව හෙළා දකිනවා ; වෘත්තීය සමිති නායකයෝ අවධාරණය කරති

March 14, 2023

දැඩි ආර්ථික අර්බුදයක සිරව සිටි ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය මුදලක් ලබාදීමට එකඟතාව පළව තිබෙන අවස්ථාවක බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීය සමිති කිහිපයක් විසින් දේශපාලන අරමුණු පදනම් කර ගනිමින් හෙට (15) දිනයේ සංවිධාන කර තිබෙන විරෝධතා ව්‍යාපාරය දැඩිව හෙළා දකින බව වෘත්තීය සමිති නායකයන් රැසක් අවධාරණය කර සිටියි.

ඔවුහු පවසන්නේ පෝලිම් යුගය නිමා කරමින් ජනතාව විඳි දුක් අවම වෙමින් යන මේ අවස්ථාවේ සාකච්ඡාමය ලෙස විසඳා ගත යුතු ගැටලු විශාල කරගෙන රට යළි ආගාධයකට ගෙන යාමට මේ අවස්ථාවාදී වෘත්තීය සමිති ක්‍රියා කරන බවයි.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය, පුනරුදයේ නීතිඥවරු සංවිධානය, කොළඹ ව්‍යාපාරික සංගමය, සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව, ප්‍රගති බැංකු සේවක සංගම් ඇතුළු අධ්‍යාපන, වෛද්‍ය, වරායේ වෘත්තීය සමිති රැසක් මෙම වැඩවර්ජනයට සහාය නොදීමට තීරණය කර තිබේ.

කඩාවැටී තිබෙන රට යථා තත්ත්වයට පත් වෙමින් තිබෙන මොහොතක එය නැවත කඩාවැටීමට ලක් නොකර රටේ ආර්ථිකය නැංවීමට කටයුතු කළ යුතු බවත් වෘත්තීය සමිති සංගම්වලින් කළ යුත්තේ තම සංගමය ලාභ ලබන තත්ත්වයකට පත් කිරීම බව කොළඹ ව්‍යාපාරික සංගමයේ මහලේකම් චමින්ද විදානගමගේ මහතා පැවැසීය.

t

o

p