ලොකු ලූනු සහ අල මිල තවත් පහළට

March 2, 2023

පිටකොටුව තොග වෙළඳපොලේ ලොකු ලූනු කිලෝවක මිල තවදුරටත් පහත බැස තිබේ.

ලොකු ලූනු කිලෝවක තොග මිල මේ වන විට රුපියල් 95ක අගයක පවතින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

පසුගිය සතියේ ලොකු ලූනු කිලෝවක තොග මිල පැවතියේ රුපියල් 130ක් ලෙස යි.

මේ අතර, ආනයනික අර්තාපල් කිලෝවක මිලද පහත බැස තිබේ.

පසුගිය සතිය තුළ රුපියල් 150කට පමණ අලෙවි වූ අර්තාපල් කිලෝවක මිල මේ වනවිට රුපියල් 130 දක්වා පහත වැටී ඇත.

t

o

p