වනිඳු පාකිස්ථාන සුපර් ලීගයෙන් ඉවතට

February 22, 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක වනිදු හසරංග පාකිස්ථාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි නොවන බව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කරයි.

ඒ අනුව ඔහු වෙනුවට ග්ලැඩියේටර්ස් කණ්ඩායමට කයිස් අහමඩ් කැදවීමට නියමිතයි.

වනිදුගේ ක්‍රිකට් තරග කටයුතු කළමනාකරණය කිරීමේ පියවරක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් මෙම තීරණය ගෙන ඇතැයි එම වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

වනිදු හසරංග පාකිස්ථාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග 6 කට ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ බව ක්‍රික් ඉන්ෆෝ වාර්තා කරයි.

t

o

p