උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එළඹෙන ජුනි මාසයේ

February 21, 2023

පසුගියදා අවසන් වූ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එළඹෙන ජුනි මස අවසානයේ දී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසයි.

විභාග කොමසාරිස්වරයා සදහන් කළේ උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව සඳහා ගුරුවරුන් සැලකිය යුතු සංඛ්‍යාවක් අයදුම් නොකිරීමෙන් ගැටලුකාරි තත්ත්වයක් මතුව ඇති බවයි.

මෙයට හේතුව ලෙස දැක්වෙන්නේ ගුරුවරුන්ට ලබාදෙන දෛනික දීමනාව ප්‍රමාණවත් නොවීමයි.

මේ වන විට ගුරුවරුන්ට රු. 500 ක දීමනාවක් ලබාදෙන අතර එය කිසිසේත් ප්‍රමාණවත් නොවන බව ගුරුවරුන් සදහන් කර තිබේ.

t

o

p