ජනරජ පෙරහැර ගමන් අරඹයි

February 19, 2023

ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ විශේෂ ඉල්ලීම මත 75වැනි නිදහස් දිනය සැමරීම වෙනුවෙන් සංවිධාන කෙරුණු මෙරට පස්වන ”ජනරජ පෙරහර” අති උත්කර්ෂවත් අන්දමින් මහනුවර නගරය පුරා විථි සංචාරය කිරීම මීට සුළු වේලාවකට පෙර සුබ මොහොතින් ආරම්භ විය.

දළදා කරඩුව වෙනුවට ජනරජ ලාංඡනය ඇතා පිට රැගෙන යන මෙම පෙරහර වීථි සංචාරය කෙරෙන්නේ වසර 35 කට පසුවයි.

අභිමානවත් 75වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව ”විශේෂ ජනරජ පෙරහැරක්” මහනුවර දළදා මාලිගාව කේන්ද්‍ර කරගනිමින් පවත්වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා උපදෙස් දී තිබුණි.

වසර 35 කට පසු අද දින පස් වැනි ජනරජ පෙරහැර වීථි සංචාරය කෙරෙන්නේ 75 වැනි නිදහස් සැමරුමට සමගාමීව මෙරට සංචාරක කර්මාන්තයට විදේශිකයින්ගේ අවධානය යොමු කරගැනීමේ අරමුණින් ය.

t

o

p