චීන අනුමැතිය නොමැති ව ලංකාවට ණය දීමට මූල්‍ය අරමුදලේ අවධානය

February 18, 2023

ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණයහිමියා වන චීනයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සහතිකයක් නොමැතිව වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව ඉල්ලා ඇති විස්තීරණ ණය අනුමත කිරීම සලකා බලමින් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ චීනය විසින් ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳව සහතිකයක් ලබා දීම දිගින් දිගටම කල් දමන පසුබිමක් යටතේයි.

කෙසේවෙතත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ සහතිකය ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ බලධාරීන් තවදුරටත් කටයුතු කරන අතර ඒ සඳහා මූල්‍ය අරමුදලේ සහයෝගය ද ලබා දෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇත.

මේ වන වටත් ඉන්දියාව, පැරිස් සමාජය ඇතුළු ණය හිමි පාර්ශව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ සහතිකය ලබා දී ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම යටතේ අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක මුදලක් ශ්‍රී ලංකාවට හිමි වීමට නියමිතය.

t

o

p