තැපැල් ඡන්දයට සුදුසුකම් ලැබූවන් ලක්ෂ 6 ඉක්මවයි

February 10, 2023

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හය ලක්ෂ 76,873 ක් සුදුසුකම් ලබා තිබේ.

ඒ අතරින් වැඩිම ඡන්ද දායකයින් සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව, 75 579 කි.

මෙවර අඩුම තැපැල් ඡන්ද දායකයින් සංඛ්‍යාව මුලතිව් දිස්ත්‍රික්කයෙන් ලියාපදිංචි වී තිබූ අතර එම සංඛ්‍යාව, 3187 ක් වේ.

තැපැල් ඡන්දය ලබන 22, 23 සහ 24 යන දිනවල පැවැත්වීමට නියමිතයි.

t

o

p