පෙබරවාරි 24 යුක්‍රේනයේ ඉරණම විසඳීමට රුසියාව සූදානමින්

February 2, 2023

රුසියාව ප්‍රධාන ප්‍රහාරයකට සූදානම් වන බවට යුක්‍රේනය අනතුරු අගවයි. යුක්‍රේන ආරක්ෂක අමාත්‍යවරයා පවසන්නේ පෙබරවාරි 24වනදා වැනි ඉක්මන් දිනකදී මෙම දැවැන්ත ප්‍රහාරය එල්ල කරනු ඇති බවයි.

ප්‍රහාරයට සූදානම් කර ඇති හමුදා භට සංඛ්‍යාව ලක්ෂ 5ක්. යුක්‍රේනය ප්‍රකාශ කරන පරිදි රුසියාව මෙම දැවැන්ත ප්‍රහාරයට සූදානම් වන්නේ අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් යුක්‍රේනයට නවීන ආයුධ පවා ලබා දී ඇති පසුබිමකයි.

ඒ සඳහා රුසියානු හමුදා දහස් ගණනක් දැනටමත් සූදානමින් සිටින බවත් ඉකුත් වසරේ යුක්‍රේන ආක්‍රමණයේ සංවත්සරය සැමරීමට මෙම ප්‍රහාරය එල්ල කරනු ඇති බවටත් යුක්‍රේන ආරක්ෂක අමාත්‍යවරයා පවසා තිබේ.

t

o

p