පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ගැසට්ටුව නිකුත් වෙයි

February 1, 2023

එළඹෙන මාර්තු මස 09 වනදා පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වෙන බව දැක්වෙන දැන්වීම ඇතුළත් ගැසට් නිවේදනය ඒ ඒ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරුන් විසින් මේ වනවිට නිකුත් කර ඇත.

ඒ අනුව පරිපාලන දිස්ත්‍රික්ක 23ක තේරීම් භාර නිලධාරිවරු විසින් යොමුකරන ලද ඡන්ද විමසීම් දිනය ඇතුළත් ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර ඇත.

පළාත් පාලන ආයතන 339කට අදාළව අපේක්ෂකයන් 80,720 දෙනෙකු මෙවර ඡන්ද විමසීම සඳහා ඉදිරිපත්ව සිටින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ, පිළිගත් දේශපාලන පක්ෂ 58කින් සහ ස්වාධීන කණ්ඩායම් 329කින්.

එම ගැසට් නිවේදනයේ දැක්වෙන ආකාරයට මාර්තු මස 09 වනදා පෙරවරු 7 සිට පස්වරු 4 දක්වා ඡන්ද විමසීම පැවැත්වෙනු ඇති.

t

o

p